කතා නොකරන කතා ගැන

“සෞඛ්‍යය දැනුම “ කියන්නේ , ගෙඩක් වෙලා ඇඳට වැටුනට පස්සේ විතරක් හොයන්න , දැනගන්න උත්සාහ කළ යුතු දෙයක් නොවෙයි. එය ජීවිතයේ එදිනෙදා කොටසක්. ඒ වුනාට අපේ රටේ මහා ජනමාධ්‍ය වගේම අන්තර්ජාලගත මාධ්‍යයන් පවා ‘‘සෞඛ්‍ය දැනුම“ වැඩිදියුණූ කිරිීමට ප්‍රමාණවත් තරමින් උත්සාහ ගන්නවාද කියන එක දකින්න අමාරුයි. නමුත් දියුණු රටවල මේ තතත්ත්වය වෙනස් ,රටක් දියුණුවට මේ දැනුවත්වීම උපකාරවන බව තේරුම් ගන්නට අපේ රටකරවන්නන්ට තවත් කළක් යාවි.

කෙසේ වෙතත් , අනෙකාට ඇඟිලි දික්කරනවාට වඩා “මට කළ හැකි“ දෙය කරන්නයි මේ උත්සාහය, ඇත්තෙන්ම වසර හයක් තිස්සේ “සොඳුරු සුව අසපුව“ කියන බ්ලොග් අඩවිය ඔස්සේ කරගෙන යන කර්තව්‍යයම වර්ඩ්ප්‍රෙස් තුලට එක් කළා පමණයි. මක්නිසාද එමඟින් තවත් පිරිසකට මේ දැනුම බෙදා දෙන්නට හැකිවේයැයි මා සිතන නිසා.

මේ ලිපි ලියන මම , සිරි ලංකාව තුල සහ කැනඩාව තුල වසර විස්සකට වැඩි  සෞඛ්‍ය වෘත්තීක අත්දැකීම් ඇති බව පවසන්නේ , මේ ලියන කරුණූ පිළිබඳව වගකීමක් මා දරන නිසාවෙන් සහ කියවන දේ පිළීබඳව ඔබට යම් විශ්වාසයක් ඇති කළ යුතු නිසාවෙන්.

 

මම මහේෂ්

තවත් යමක් දැනගත යුතු වේනම් http://www.nursinglk.com/p/blog-page_19.html

Advertisements