213) වඳ දෙන “තිසරපටේ උද්දාමය“

දවසේ වැඩකටයුතු නිමාවුනාම විනාඩි කිහිපයක් මුහුණූ පොත මත එහා මෙහා දුවමින් අද දවසේ අහන්න දකින්න නොලැබුණූ අළුත් ප්‍රවෘත්ති  , රස කතා වගේම සුන්දර ගී කිහිපයකත් රස විඳින එක දැන ජීවතේ එක අංගයක් වෙලා.  පහුගිය දවසක ඒ විදියට එහා මෙහි යත්දි හමුවුනු මේ තරුණූ නිර්මාණකරුවන් ගැන මුලින්ම මෙ කියවන ඔබ දැනුවත් කරල ඉන්න හිතුනා . සමහර  විට ඔබ දැනටමත් මොවුන්ගේ දක්ෂතා දැකල විඳල ඇති.





ඔය වගේ වටින දේ අතරේ , බේරේ වැවේ ඉඳන් රටේ මිනිසුන් ගොනාට අන්දන “වීරයන්“ , “අම්මලා අප්පලා මාමලගේ “ හිස් කතාත් දකින්නට ලැබෙනවා. ඒ අස්සේ දැන් ටික කළක සිට අමුතුම උපදෙස් වගයක් පැතිරෙනව දැක්කා. ඒ , කාන්තා යට ඇඳුම් වල ඇතුළු පැත්තේ ඇති “වඳ“ ක්‍රීම වර්ග , කාන්තා පාසල් ළඟ අඩු මිලට ඇති “වඳ පෙති“ මිශ්‍රකළ මිල අඩු කෑම .. මේ සමහර අවස්ථා වල එම “රසායනිකය“ දේහ ගතවී කාන්තාව “වඳ බවට“ පත්වන ආකාරය “(අ)විද්‍යාත්මකව“ විස්තර කරල තිබුණා , ඒ පැහැදිලි කිරීමේ රසායනික විද්‍යාපද , අකුරු සහ වෛද්‍ය විද්‍යාවට අදාල පද කිහිපයක් තිබුණ නිසාදෝ , ලබා දී ප්‍රතිචාර අති “විශිෂ්ටයි“ . මෙන්න මේ අමුතු වඳ බෙහෙත ගැන වද වෙත අපෙ රටේ සමහරු  , මේ පිටුව වෙත යොමු කරන ලිංගික ගැටළු , තාවකාළික ගැබ් ගැනීම් වලක්වන ඖෂධ වර්ග ගන්න විදිය , වාර ගණන , දවස ගණනේම ගත්තෝත් වෙන දේ අහන ආකාරය දැක්කම මට හිතුනේ , ඔහොම වඳ බෙහෙත් කවලම් කළ කෑම කඩයක් තිබුණොත් , කඩේ පිරිසෙන්න සෙනඟ පිරේවි කියල. Continue reading